පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින් – ඉදිරි පැය 24 තුළ නැගෙනහිර වෙරළට

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට කිලෝමීටර් 490ක් ගිනිකොණ දෙසින් කේන්ද්‍රගතව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතිය අක්ෂාංශ 5.3° උතුර සහ දේශාංශ 86.0° නැගෙනහිර ආසන්නයේ පිහිටා ඇති අතර, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින් – ඉදිරි පැය 24 තුළ නැගෙනහිර වෙරළට

කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව සඳහන් කළේ, මෙම පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර් ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

ඒ අනුව අද (08) සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.

සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර, සාමාන්‍යයෙන් පැ.කි.මී. 35–45ක වේගයකින් හමා එන සුළං විටින් විට පැ.කි.මී. 60–70ක් දක්වා ඉහළ යා හැකි බවත්, එම හේතුවෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු තත්ත්වයකට පත්විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව අවධාරණය කරයි.

තවද කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු රළ උස මීටර් 2.5 සිට 3.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, ධීවර සහ නාවික ප්‍රජාව ඉදිරි නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

Previous Post Next Post