ග්‍රෙගරි වැවේ සී–ප්ලේන් ගුවන් අනතුරක් – ගුවන් නියමුවන් දෙදෙනා රෝහලට

නුවරඑළිය ග්‍රෙගරි වැවේ ගොඩබැස්වීමට සූදානම් වූ සී–ප්ලේන් වර්ගයේ ගුවන් යානයක් අද (07) දහවල් 12.30ට පමණ අනතුරකට ලක්ව කඩා වැටී ඇත.

මෙම අනතුරෙන් ගුවන් යානය තුළ සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.

පොලිසිය පැවසුවේ, නුවරඑළියට පැමිණ සිටි සංචාරකයින් පිරිසක් රැගෙන යාමට සූදානම්ව සිටියදී මෙම ගුවන් යානය ග්‍රෙගරි වැවේ ගොඩබැස්වීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇති බවයි.

ග්‍රෙගරි වැවේ සී–ප්ලේන් ගුවන් අනතුරක් – ගුවන් නියමුවන් දෙදෙනා රෝහලට

අනතුරෙන් පසු ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදී සිටි පුද්ගලයින් විසින් ගුවන් නියමුවන් දෙදෙනා වහාම මුදාගෙන රෝහලට යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු නුවරඑළිය පොලිසිය විසින් සිදු කරමින් පවතී.

Previous Post Next Post