අඩු පීඩන කලාපය මඩකලපුවට කිලෝමීටර් 700ක් දුරින් – හෙට නැගෙනහිර වෙරළට ළඟාවිය හැක

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය මේ වනවිට මඩකලපුවට කිලෝමීටර් 700ක් පමණ දුරින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, මෙම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර් ධනය වී හෙට (08) දිනයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයට ළඟාවිය හැකි බවයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

අඩු පීඩන කලාපය මඩකලපුවට කිලෝමීටර් 700ක් දුරින් – හෙට නැගෙනහිර වෙරළට ළඟාවිය හැක

විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බැවින්, ඉදිරි දින කිහිපය තුළ කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ.

මේ අතර, කන්කන්සතුරේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ මඩකලපුව සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල අද සිට නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

Previous Post Next Post