මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 2ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර් යේෂණ සංවිධානය (NBRO) පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, බොහෝ ප්‍රදේශවල මේ වනවිට නායයෑම් පූර්ව ලක්ෂණ පැහැදිලිව මතුව ඇති බවයි.
ඒ අනුව, විශේෂයෙන්ම තීව්‍ර බෑවුම්, මිටියාවත් හා නිම්න භූමි නිර් මාණය කරන ලද කණ්ඩි අනතුරුදායක බෑවුම් හරහා ගමන් කරන මාර් ග ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
ජාතික ගොඩනැඟිලි පර් යේෂණ සංවිධානය විසින් නිකුත් කරන අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානය යොමු කර හැකි ඉක්මනින් අවදානම් ප්‍රදේශවලින් ඉවත්ව ජීවිත ආරක්ෂා කරගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙනු ලැබේ.
මේ අතර, දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා විවිධ මට්ටම්වල නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ඒවා පහත පරිදි වේ.
🔴 අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)
මහනුවර දිස්ත්‍රික්කය -
උඩදුම්බර
නුවරඑළිය දිස්ත්‍රික්කය -
නිල්දණ්ඩාහින්න,
වලපනේ
🟠 අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න
බදුල්ල දිස්ත්‍රික්කය -
කන්දකැටිය
මාතලේ දිස්ත්‍රික්කය -
විල්ගමුව
නුවරඑළිය දිස්ත්‍රික්කය -
හඟුරන්කෙත,
මතුරට
🟡 අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න
බදුල්ල දිස්ත්‍රික්කය -
බදුල්ල,
හාළිඇළ,
පස්සර,
ලුණුගල,
වැලිමඩ,
මීගහකිවුල
මහනුවර දිස්ත්‍රික්කය -
දොළුව
මාතලේ දිස්ත්‍රික්කය -
අඹන්ගඟ කෝරළය
මොනරාගල දිස්ත්‍රික්කය -
බිබිල
