මුහුදුබඩ දුම්රිය මාර් ගයේ අම්බලන්ගොඩ – කරිත්තකන්ද ප්‍රදේශයේ 52 ½ කණුව ආසන්නයේදී ලොරි රථයක් දුම්රිය මාර් ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව ඇත.
මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට තාවකාලික බාධා ඇතිවී ඇති අතර, කාර් යාල දුම්රිය කිහිපයක්ම ප්‍රමාදව ධාවනය වන බව වාර් තා වේ.
දුම්රිය දෙපාර් තමේන්තුව සඳහන් කරන්නේ, අනතුරට පත් වූ ලොරි රථය ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින අතර, හැකි ඉක්මනින් සාමාන්‍ය දුම්රිය සේවාව යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් මුහුදුබඩ මාර් ගයෙන් ගමන් කරන දුම්රිය මගීන්ට තාවකාලික අපහසුතා සිදුවිය හැකි බවද දැනුම් දේ.