ගංවතුර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඊයේ (07) රාත්‍රී 11.00ට නිකුත් කළ නිවේදනයට අනුව, අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර අවදානමක් පවතින බව සඳහන් වේ.

ගංවතුර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව විසින් නිකුත් කර ඇති පුරෝකථන අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ උතුරු පළාත්වලට වැඩි වර් ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බැවින් මෙම අවදානම් තත්ත්වය මතුවිය හැකි බව වාරිමාර් ග දෙපාර් තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව, අදාළ දිස්ත්‍රික්කවල ගංගා ආශ්‍රිත පහත්බිම්වල සහ ගංගා ආසන්නයේ පදිංචි ජනතාවට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දී ඇත.

Previous Post Next Post