ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය හේතුවෙන්, කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (08) උදෑසන 10.30ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 24ක් පුරා වලංගු වන අතර, ගොඩබිම් සහ දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා වහාම ආරක්ෂිත ක්‍රියාමාර් ග ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.
කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට (09) සවස 5.30 සිට රාත්‍රී 11.30 අතර කාලයේදී හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළට ඇතුළුවීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.
දැඩි වැසි අපේක්ෂිත ප්‍රදේශ!
🔴 මි.මී. 150ට වැඩි ඉතා තද වැසි
අම්පාර
මඩකලපුව
🟠 මි.මී. 100 – 150 තද වැසි
මුලතිව්
වව්නියාව
කිලිනොච්චි
පොළොන්නරුව
ත්‍රිකුණාමලය
🟡 මි.මී. 100ට වැඩි වැසි ඇති විය හැකි ප්‍රදේශ
යාපනය
මන්නාරම
මොනරාගල
බදුල්ල
නුවරඑළිය
මාතලේ
මුහුදු කටයුතු පිළිබඳ දැඩි අනතුරු ඇඟවීම!
නැවත දැනුම් දෙනතුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුවදැනුම් දෙයි.
උතුරු අක්ෂාංශ 02° – 03° සහ නැගෙනහිර දේශාංශ 76° – 88° අතර මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙසත්, දැනට මුහුදේ සිටින ධීවරයින් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත පැමිණෙන ලෙසත් උපදෙස් ලබා දී ඇත.