අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ලේ සියලු පාසල් අද පෙ.ව. 11ට වසා දැමේ

යහපත් කාලගුණ තත්ත්වය සහ නායයෑම් අවදානම ඉහළ යාම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11.00 වනවිට නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව, දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂිත ලෙස පාසල්වලින් පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දී ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ලේ සියලු පාසල් අද පෙ.ව. 11ට වසා දැමේ

මෙම තීරණය ගෙන ඇත්තේ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම කාලගුණ අනාවැකි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනය සලකා බැලීමෙන් අනතුරුව බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් ඇති විය හැකි අවදානම් තත්ත්වයන් වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද සඳහන් වේ.

Previous Post Next Post