ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට තවත් ළංවෙයි

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙ.ව. 6.00 වනවිට මඩකලපුවෙන් කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට තවත් ළංවෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මෙම ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ තද සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ජනතාව ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් ඉල්ලා සිටී.



Previous Post Next Post