පවතින ශීත සහ වියළි කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තිය ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
ගම්පහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ මහතා සඳහන් කළේ, මෙම රෝග තත්ත්වයන් විශේෂයෙන්ම පෙර පාසල් වයසේ පසුවන කුඩා දරුවන් අතර බහුලව පැතිරෙන බවයි.
වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්වසන මාර්ගයේ ඉහළ කොටස්වලට බලපාන වෛරස් ආසාදන මෙහිදී වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත්, උණ, කැස්ස, සෙම්පතිශ්‍යාව, උගුරේ වේදනාව, අධික හිසරදය, මාංශපේශී වේදනාවන්, වමනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි බවත්ය.
දින තුනකට වඩා රෝග ලක්ෂණ පවතින්නේ නම් හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන්නේ නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද ඔහු ජනතාවට අවවාද කරයි.
මේ අතර, මෙම දිනවල වායු ගුණත්මකභාවය පහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය ද පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඉදිරි දින දෙක තුළ මෙම තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි.
