ඩුබායි රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගල ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධව සිටි ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනා අද (16) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බව පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් සමඟ එකම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් කාන්තාවද අද දිනයේදී මෙරටට රැගෙන විත් තිබේ.
අදාළ කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක බවත්, ඇය රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පොලීසිය විසින් සොයමින් සිටි පුද්ගලියක බවත් පොලීසිය සඳහන් කළේය.
මෙම අත්අඩංගුවට ගැනීම් හා ඔවුන් සම්බන්ධ අපරාධ සිද්ධීන් පිළිබඳව මේ වනවිටත් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.
