මෙම වසරේ සංචාරක ඉලක්ක සපුරා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

මෙම වසර සඳහා නියමිත සංචාරක ඉලක්ක සම්පූර්ණ කරගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විශේෂ ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් සංචාරකයින් පැමිණීම අඩු වන කාලවලදීත් මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවයි.

ඒ අනුව, යුරෝපීය රටවල් විශේෂයෙන් ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ස්පාඤ්ඤය සහ එයට ආසන්න කලාපවලින් ගිම්හාන සමයේ සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම අපේක්ෂාවයි.

මෙම වසරේ සංචාරක ඉලක්ක සපුරා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

මෙම වැඩපිළිවෙළ යටතේ පළමුව ඉන්දියාව ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, එය දිල්ලි, මුම්බායි සහ චෙන්නායි නගර කේන්ද්‍ර කරගෙන සිදු කර ඇත.

මෙම වැඩසටහනේ අරමුණ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් විවිධාංගීකරණය කර, වැඩි වටිනාකමක් සහිත සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම බවද සභාපතිවරයා පැවසීය.

එමෙන්ම 2026 වසරේ ජනවාරි මාසයේ මුල් සතිය තුළ පමණක් සංචාරකයින් 94,000කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Previous Post Next Post