ලොව ප්‍රසිද්ධ සංචාරක උපදේශක ආයතනයක් වන Tripadvisor විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 Travelers’ Choice – Best of the Best Honeymoon Destinations ලැයිස්තුවේ 05 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගාල්ල නගරය සමත්ව තිබේ.
මෙම ලැයිස්තුවට අනුව, 13 වැනි ස්ථානයට ඇල්ල, 22 වැනි ස්ථානයට තංගල්ලද ඇතුළත් කර ඇති අතර, එමඟින් ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක්ම ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයක් වේ.
ට්‍රිප්ඇඩ්වයිසර් (Tripadvisor) සඳහන් කරන්නේ, වසරක් පුරා ලොව පුරා සංචාරකයින් ලබාදුන් සත්‍ය අත්දැකීම් සහ සමාලෝචන (Reviews) පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇති බවයි.
ගාල්ල මධුසමයට තෝරාගැනීමට හේතු 3ක් ලෙස සංචාරකයින්ගේ අදහස් අනුව ගාල්ල නගරය මධුසමය සඳහා ආකර්ෂණීය වීමට ප්‍රධාන හේතු වන්නේ, 6 වන සියවසේ පෘතුගීසින් විසින් ඉදිකළ ගාලු කොටුව සහ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය, අලංකාර වෙරළ තීර, නිස්කලංක පරිසරය සහ සුඛෝපභෝගී නවාතැන් සහ වනයජීවී ආකර්ෂණය සහ සොබාදහමේ සිරියයි.
2026 ලොව හොඳම මධුසමය ගමනාන්ත Top 10,
- බාලි – ඉන්දුනීසියාව
- මුරුසිය (Mauritius)
- මාලදිවයින
- ශාන්ත ලුසියා (St. Lucia)
- ගාල්ල – ශ්‍රී ලංකාව
- හියු – වියට්නාමය
- නාපා නිම්නය – ඇමරිකා එක්සත් ජනපදය
- පොසිටානෝ – ඉතාලිය
- වටාමු – කෙන්යාව
- ඇන්ටිගුවා – Antigua
මෙයට අමතරව, 2026 ලොව හොඳම ආහාර ගමනාන්ත (Best Food Destinations) ලැයිස්තුවේ 13 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ ද සමත්ව තිබීම විශේෂ කරුණකි.
