වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ සිය ග්‍රහණයට ගත් බව ඇමෙරිකානු ජනපති කියයි

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමෙරිකාව විසින් සිය භාරයට ගත් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

ඔහු සිය Truth Social ගිණුමට සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලාව ඉලක්ක කර එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකින් පසු ජනාධිපතිවරයා සහ බිරිඳ සිය ග්‍රහණයට ගත් බවයි.

වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ සිය ග්‍රහණයට ගත් බව ඇමෙරිකානු ජනපති කියයි

ඒ අනුව, ඔවුන් රටින් පිටුවහල් කර ඇති බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසන බව සඳහන් වේ.

මේ අතර, වෙනිසියුලාවේ අගනුවර වන කැරකාස් ඉලක්ක කර අද (03) උදෑසන එරට වේලාවෙන් ඇමෙරිකාව විසින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවත් වාර් තා වේ.

ඊට සමගාමීව, වෙනිසියුලාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මදුරෝ පවසන්නේ, රටේ තෙල් හා ඛනිජ සම්පත් අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් ඇමෙරිකාව මෙම ප්‍රහාර සිදුකරන බවයි.

වෙනිසියුලාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකානු වේලාවෙන් පෙරවරු 11.00ට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා නිල ප්‍රකාශයක් සිදුකරන බව ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

Previous Post Next Post