ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර් ෂිකව සිදු කෙරෙන සතර මහා මංගල්‍යයන්ගෙන් නව වසරේ පළමුවෙන්ම පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය අද (03) දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේදී පෞරාණික චාරිත්‍රානුකූලව සහ ආගමික වතාවත් අනුව ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්විණි.
මෙම පූජනීය උත්සවයට දළදා තේවාව භාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නාහිමියන්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, සහ අලුත් සහල් මංගල්‍යය සඳහා දළදා මාළිගාවේ කාර් යභාර නිලධාරීහු එක්ව සිටියහ.
නව වසරේ නැවුම් සහලින් ශ්‍රී දළදා සමිඳුන් පිදීමේ මෙම චාරිත්‍රය පෙර රජ දවසේ සිටම සෑම වසරකම දුරුතු පුන් පොහෝ දින සිදු කරනු ලබන සම්ප්‍රදායකි.
ශ්‍රී දළදා මාළිගාවට අයත් කෙත් වතුවලින් නෙලා ගන්නා වී අස්වැන්නේ අග්‍රඵලය පල්ලේකැලේ පිහිටි වී අටුවේ තැන්පත් කිරීමෙන් පසු, අලුත් සහල් මංගල්‍ය සඳහා අවශ්‍ය සහල් අලි ඇතුන් සහිත පෙරහැරකින් දළදා මාළිගාව වෙත රැගෙන එනු ලබයි.
එමෙන්ම පෞරාණික චාරිත්‍රානුකූලව, ශ්‍රී දළදා මාළිගාව, සිව් මහා දේවාල සහ පිටිසර දේවාලවලට අයත් සහල් කොටස් වෙන් කිරීම පල්ලේකැලේ අටුවේදී, උත්සවයට පෙර දින සිදු කරනු ලබන අතර, නව වසරේ ගොවිතැන් සරුසාරත්වය, වී අටුකොටු පිරී සමෘද්ධිය, සෞභාග්‍යය සහ ආශිර් වාදය ප්‍රාර් ථනා කරමින් අලුත් සහල් මංගල්‍යය සෑම වසරකම පළමු පොහෝ දිනයේදී පවත්වා ගැනීම විශේෂත්වයකි.
