උතුරු කොරියාව නව වසරේ පළමු බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම ක්‍රියාත්මක කරයි

නව වසර ආරම්භයත් සමඟ උතුරු කොරියාව සිය පළමු බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම අද (04) සිදුකර ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර් තා කරයි.

වාර් තා අනුව, ප්යොංයැං ප්‍රදේශයෙන් එල්ල කළ මෙම මිසයිලය උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගෙන ගමන් කර ඇත.

මෙම අත්හදා බැලීම සිදු වීම විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, දකුණු කොරියානු ජනාධිපති ලි ජේ මියුන්ග් චීනයට රාජ්‍ය සංචාරයක් සඳහා පිටත් වීමට පැය කිහිපයකට පෙර වීම හේතුවෙනි.

පසුගිය වරට උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදු කර ඇත්තේ 2025 නොවැම්බර් මාසයේදී වන අතර, එය දකුණු කොරියාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් ඉදිකිරීම සඳහා එක්සත් ජනපද අනුමැතිය ලබා දීමෙන් පසු සිදුවිය.

තවද, අද සිදු කළ මෙම අත්හදා බැලීම, උතුරු කොරියාවට මිත්‍ර රාජ්‍යයක් ලෙස සැලකෙන වෙනිසියුලාවේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එක්සත් ජනපදය ගත් ක්‍රියාමාර් ගයකට පසු සිදුවීම ද ජාත්‍යන්තර වශයෙන් විශේෂ අවධානයක් දිනාගෙන ඇත.

දශක ගණනාවක් පුරා උතුරු කොරියාව පෙන්වා දී ඇත්තේ, එක්සත් ජනපදයෙන් ඇති විය හැකි පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ උත්සාහයන්ට එරෙහිව තමන්ගේ න්‍යෂ්ටික හා මිසයිල වැඩසටහන් අත්‍යවශ්‍ය බවය. එහෙත් එවැනි සැලැස්මක් නොමැති බව එක්සත් ජනපදය නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇත.

Previous Post Next Post