වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ධුරයට ඩෙල්සි රොඩ්රිගස් පත්කරයි – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකානු අත්අඩංගුවේ පසුවන බැවින්, එරට උප ජනාධිපතිනිය වන ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) වහාම වැඩබලන ජනාධිපතිවරිය ලෙස රාජකාරි භාරගත යුතු බව වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ධුරයට ඩෙල්සි රොඩ්රිගස් පත්කරයි – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

විදේශ මාධ්‍ය වාර් තා කරන්නේ, ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු රට තුළ ඇතිවිය හැකි පාලන බලතල සම්බන්ධ අවිනිශ්චිතතාවය නිරාකරණය කිරීම සඳහා මෙම අධිකරණ තීන්දුව ලබා දී ඇති බවයි.

ජනාධිපතිවරයාට සිය රාජකාරි ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින්, ව්‍යවස්ථානුකූලව එම වගකීම් උප ජනාධිපතිනිය වෙත පැවරෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර, උප ජනාධිපතිනිය ඩෙල්සි රොඩ්රිගස් පසුගිය පැය කිහිපය තුළ ජාත්‍යන්තර ප්‍රජාව වෙත, ජනාධිපති නිකොලස් මදුරෝ මේ වන විට රඳවාගෙන සිටින ස්ථානය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලීමක් ද කර ඇත.

Previous Post Next Post