ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට ආසන්න තද වැසි – කාලගුණ දෙපාර් තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර් ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිවීමට ඉඩ ඇති බවත් එම දෙපාර් තමේන්තුව පවසයි.

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට ආසන්න තද වැසි – කාලගුණ දෙපාර් තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඒ අනුව නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර, ඌව පළාත සහ නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට ආසන්න තද වැසි ඇතිවිය හැකි බව දැනුම් දෙයි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ තිබේ.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 50 පමණ වේගයෙන් තද සුළං හමා යා හැකි බවත් කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Previous Post Next Post