මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 3කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර ඇත.

මෙම අනතුරු ඇඟවීම ඊයේ (05) රාත්‍රී 10.00 සිට අද (06) රාත්‍රී 10.00 දක්වා වූ ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වෙන බව සඳහන් වේ.

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 3කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ඒ අනුව පහත ප්‍රදේශවල නායයෑම් අවදානම සලකා විශේෂ විමසිලිමත් වීමට ජනතාවට දැනුම් දී ඇත.

මහනුවර දිස්ත්‍රික්කය - උඩුදුම්බර ප්‍රදේශය,

මාතලේ දිස්ත්‍රික්කය  - විල්ගමුව ප්‍රදේශය,

නුවරඑළිය දිස්ත්‍රික්කය - වලපනේ ප්‍රදේශය

අධික වැසි, පස් සෑදීම, ගල් කඩා වැටීම් සහ බිම් ඉරිතැලීම් වැනි ලක්ෂණ පෙනී ගියහොත් වහාම ආරක්ෂිත ස්ථානයකට මාරු වී අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙස ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Previous Post Next Post