ජපානයේ ෂිමනේ ප්‍රාන්තයට ප්‍රබල භූමිකම්පාවක් – සුනාමි අවදානමක් නැහැ

ජපානයේ ෂිමනේ (Shimane) ප්‍රාන්තයට අද (අඟහරුවාදා) උදෑසන මැග්නිටියුඩ් 6.2ක ප්‍රබල භූමිකම්පාවක් බලපා ඇති බව එරට මාධ්‍ය වාර් තා කරයි.

ජපාන වේලාවෙන් පෙරවරු 10.18ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර, එය ජපානයේ භූකම්පන තීව්‍රතා දර්ශකය අනුව ප්‍රබල 5 අගයකින් සටහන් වී ඇත.

මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි තර් ජනයක් නොමැති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) තහවුරු කර ඇත.


ජපානයේ ෂිමනේ ප්‍රාන්තයට ප්‍රබල භූමිකම්පාවක් – සුනාමි අවදානමක් නැහැ

කම්පනයේ බලපෑම චුගෝකු (Chugoku) කලාපය පුරා දැනී ඇති අතර, තොට්ටෝරි ප්‍රාන්තයේ සකායි-මිනාටෝ, හිනෝ සහ කොෆු ප්‍රදේශවලටත්, ෂිමනේ ප්‍රාන්තයේ මත්සූ සහ යසුගි නගරවලටත් බලපෑම් වාර් තා වී තිබේ.

මෙම ප්‍රධාන භූමිකම්පාවෙන් පසු පෙරවරු 10.28ට මැග්නිටියුඩ් 5.1ක පසු කම්පනයක් ද වාර් තා වී ඇති අතර, පෙරවරු 10.30ට පමණ යසුගි ප්‍රදේශය අවට තවත් භූමිකම්පනයක් ද සිදුව ඇති බව සඳහන් වේ.

මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ දේපළ හානි පිළිබඳ වාර් තා වී නොමැති අතර, අදාළ බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවයි වාර් තා වෙන්නේ.

Previous Post Next Post