වෙනිසියුලාවේ අන්තර් වාර ජනාධිපතිනිය ලෙස එරට උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්‍රිගස් අද (06) අලුයම නිල වශයෙන් දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.
මෙම දිවුරුම් දීම සිදුකර ඇත්තේ වෙනිසියුලාවේ ජාතික සභාවේ සභාපතිවරයා වන ඇගේ සහෝදරයා ජෝර් ජ් රොඩ්‍රිගස් ඉදිරියේය.
56 හැවිරිදි ඩෙල්සි රොඩ්‍රිගස්, අත්අඩංගුවේ පසුවන ජනාධිපති නිකොලස් මදුරෝගේ සමීපතම විශ්වාසවන්තයෙකු ලෙස සැලකෙන අතර, ඇය 2018 වසරේ සිට වෙනිසියුලාවේ උප ජනාධිපතිනිය ලෙස කටයුතු කර ඇත.
වර් තමානයේ ඇය රටේ ඛනිජ තෙල් අමාත්‍යවරිය ලෙස ද රාජකාරී ඉටු කරන අතර, මීට පෙර මුදල් අමාත්‍යවරිය සහ විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස ද සේවය කර තිබෙන බව විදෙස් වාර් තා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයාට රාජකාරි ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති පසුබිමක, ව්‍යවස්ථානුකූලව මෙම අන්තර් වාර පත්වීම සිදුකළ බව සඳහන් වේ.
