2025 උසස් පෙළ විභාගයට අදාළව මෙතෙක් නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු සම්පූර්ණයෙන්ම තහනම් වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර් තමේන්තුව නිවේදනය කරයි.
එම තහනමට අමතරව,විෂය සම්බන්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බව පවසමින් පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා හෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව විභාග දෙපාර් තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම නියෝග නොසලකා කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් විභාග පනත යටතේ නීතිමය වරදකරුවෙකු ලෙස සැලකෙනු ඇති බවත්, එවැනි සිදුවීම් පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට, 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට හෝ 1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, 2025 උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් 2026 ජනවාරි 12 දින සිට 20 දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්වීමට නියමිතය.
