ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් පසු ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර් ග කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා, නව මිල රු. 340ක් ලෙස නියම කර ඇත.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 5කින් ඉහළ දමා, එහි නව මිල රු. 323ක් වේ.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ඉහළ දමා, නව මිල රු. 279ක් ලෙස සකස් කර ඇත.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2කින් වැඩි කර, නව මිල රු. 182ක් ලෙස පෙන්වා ඇත.
එහෙත්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තහවුරු කරයි.
මෙම මිල සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
