නීති විරෝධී මත්පැන් පානයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මරුට

නීති විරෝධී ලෙස නිෂ්පාදිත මත්පැන් පානය කිරීම හේතුවෙන් වෙන්නප්පුව, වයික්කාල සහ තඹරවිල ප්‍රදේශවල පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි.

මෙම පුද්ගලයින් පෙරේදා වෙන්නප්පුව ප්‍රදේශයෙන් ලබාගත් නීති විරෝධී මත්පැන් බෝතලයක් පානය කර ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව, අද උදෑසන වන විට තිදෙනෙකු මරණයට පත්ව ඇති අතර, ඔවුන් අතරින් පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු කර් මාන්ත ශාලාවක් ආසන්නයේ පිහිටි නවාතැන් ගන්නා ලැයිම් කාමරයකින්, අනෙක් පුද්ගලයාගේ සිරුර වෙනත් නිවසකින් හමුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගිය පුද්ගලයින් වයස අවුරුදු 27, 50 සහ 53 අතර පසුවන්නන් බවද වාර් තා වේ.

නීති විරෝධී මත්පැන් පානයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මරුට

මේ අතර, අසනීප තත්ත්වයෙන් මාරවිල රෝහලට ඇතුළත් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද ප්‍රතිකාර අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිසිය සැක පළ කරන්නේ, මත්පැන් විෂ වීමක් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.

එසේම, මෙම සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර් තා වේ.

මේ අතර, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ බවට සැකපිට කාන්තාවක් වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය පවසයි.

Previous Post Next Post