අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා වර් ධනය විය හැක

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය, ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින්, දිවයිනේ නැගෙනහිර වෙරළට ළඟාවීමට ඉඩ ඇති බව එම දෙපාර් තමේන්තුව සඳහන් කරයි.

මෙහි බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයින පුරා විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිවීමට ඉඩ ඇත.

ඒ අනුව, ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.

එමෙන්ම උතුරු පළාත, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇතිවීමට ඉඩ ඇත.

අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා වර් ධනය විය හැක

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00ට පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව පවසයි.

මේ අතර, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැය කිහිපයකට පැ.කි.මී. 50 පමණ වේගයෙන් තද සුළං හමන අවස්ථා ඇතිවිය හැකි බව ද නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Previous Post Next Post