2026 වසරේ දර්ශනය වීමට නියමිත ප්‍රධාන උල්කාපාත වර් ෂාවලින් එකක් අද (03) සහ හෙට (04) රාත්‍රී කාලයේදී දර් ශනය වීමට නියමිත බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, හෙට අලුයම 4.00 සිට 5.00 අතර කාලය තුළ ඊසානදිග අහස දෙස බැලීමෙන් මෙම උල්කා වර්ෂාව වඩාත් පැහැදිලිව දැකගත හැකි බවයි.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති හා කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර් ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ, මෙම කාලය තුළ පැයකට උල්කාපාත 80කට ආසන්න ප්‍රමාණයක් දක්නට ලැබිය හැකි බවය.
එමෙන්ම, ජනවාරි මාසයේ පවතින අධික දීප්තියක් සහිත චන්ද්‍රයා (සුපිරි චන්ද්‍රයා) මෙම දර්ශනය තවත් විශේෂ කරයි. සාමාන්‍යයට වඩා චන්ද්‍රයා පෘථිවියට ආසන්න වීම හේතුවෙන් එහි දීප්තිය වැඩිව දක්නට ලැබෙන බවද ඔහු පැහැදිලි කළේය.
තාරකා විද්‍යා රසිකයින්ට සහ අහස් දර්ශන රසවිඳින්නන්ට, මෙය අහිමි නොකළ යුතු විශේෂ අවස්ථාවක් ලෙසද සඳහන් වේ.
