විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය – නියමු ව්‍යාපෘතියක් සූදානම්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඉදිරි මැතිවරණයකදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බවය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය – නියමු ව්‍යාපෘතියක් සූදානම්

මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, දිගු කාලයක් තිස්සේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඉල්ලා සිටි ප්‍රජාතාන්ත්‍රික අයිතියක් සම්පූර් ණ වශයෙන් සලකා බැලෙන වැදගත් පියවරක් ලෙස එය සැලකේ.

ඡන්දය භාවිතා කිරීමේ ක්‍රමවේදය, ලියාපදිංචි ක්‍රියාවලිය සහ ආරක්ෂිත ඡන්ද පද්ධතිය පිළිබඳ වැඩිදුර තාක්ෂණික සාකච්ඡා ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවද වාර් තා වේ.

Previous Post Next Post