සිරියාවේ ක්‍රියාත්මක IS (Islamic State) ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු හමුදාව සඳහන් කරන්නේ, පසුගිය මාසයේදී IS සංවිධානය විසින් සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියයාමට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර සිදුකර ඇති බවයි.
මෙම ගුවන් ප්‍රහාර අමෙරිකානු වේලාවෙන් ඊයේ දහවල් 12.30ට පමණ සිදුකර ඇති බව වාර්තා වේ. එයට අමෙරිකානු හමුදා සමඟ හවුල් හමුදා ද සහභාගී වී ඇති බව සඳහන්.
“Operation Hawkeye Strike” ලෙස නම් කළ පළමු ප්‍රතිප්‍රහාරය පසුගිය දෙසැම්බර් 19 වැනිදා අමෙරිකා එක්සත් ජනපදය සහ ජෝර්දානය එක්ව ක්‍රියාත්මක කර තිබුණි.
ඊට අමතරව, IS සංවිධානය ඉලක්ක කරගනිමින් අඛණ්ඩව අතිරේක ගුවන් සහ භූමි ප්‍රහාර සිදුකරමින් පවතින බවද අමෙරිකානු හමුදාව පවසයි.
මෙම ප්‍රහාර මාලාවට මූලික වූ සිද්ධිය ලෙස, පසුගිය දෙසැම්බර් 13 වැනිදා සිරියාවේ පල්මයිරා (Palmyra) ප්‍රදේශයේදී IS සංවිධානයට අයත් තනි වෙඩිකරුවෙකු විසින් සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියගොස් ඇති අතර, එම වෙඩිකරු පසුව ඝාතනය කර ඇති බව අමෙරිකානු හමුදාව සඳහන් කරයි.
