යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ තෙල් ගබඩාවක් ගිනි ගනී

යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ වොල්ගොග්‍රෑඩ් (Volgograd) කලාපයේ පිහිටි තෙල් ගබඩාවක දැඩි ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ තෙල් ගබඩාවක් ගිනි ගනී

මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත්, කෙසේ වෙතත් ආරක්ෂක හේතූන් මත එම ප්‍රදේශය ආසන්නයේ ජීවත් වූ ජනතාව තාවකාලිකව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෑත කාලය තුළ යුක්‍රේනය විසින් රුසියාවේ බලශක්ති සැපයුම් හා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර මාලාවක් දියත් කරමින් සිටින බවයි.

මේ අතර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ, තම ගුවන් ආරක්ෂක පද්ධති මඟින් යුක්‍රේන ඩ්‍රෝන යානා 67ක් බිම දැමීමට සමත් වූ බවයි.

Previous Post Next Post