මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි.
විශේෂයෙන්ම ඉදිරිපස විදුලි පහන් ආලෝක දල්වාගෙන, වාහන අතර සුදුසු පරතරයක් පවත්වාගෙන රථ ධාවනය කිරීම අත්‍යවශ්‍ය බව එම අධිකාරිය අවධාරණය කරයි.
එමෙන්ම, මීදුම හේතුවෙන් දෘශ්‍යතාව අඩුවීම නිසා පාලනය කර ගත හැකි වේගයකින් පමණක් රථ ධාවනය කරන ලෙසද රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
අනතුරු අවම කරගැනීම සඳහා රියදුරන්ගේ සැලකිලිමත් සහ වගකිවයුතු ධාවනය අත්‍යවශ්‍ය බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
