බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට අද (14) උදෑසන ලැබුණු විද්‍යුත් තැපැල් පණිවුඩයක් හේතුවෙන් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇති බවට සැකයක් මතුව තිබේ.
ඒ අනුව, ආරක්ෂක හේතුන් මත කාර්යාලයේ කාර්ය මණ්ඩලය වහාම ඉවත් කරන ලෙස බලධාරීන් විසින් දැනුම්දී ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සහ පොලිසිය දැනුවත් කර ඇති අතර, පරිශ්‍රය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
මෙය සත්‍ය තර්ජනයක්ද නැතහොත් ව්‍යාජ බියක්ද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ සිදුකරන බව බලධාරීන් සඳහන් කරයි.
