එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමක් යටතේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සේවයේ නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයින්, අතිශය අභියෝගාත්මක මෙහෙයුමකදී අප්‍රිකානු සෙබළුන් 14 දෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Mi-17 හෙලිකොප්ටරයක් මගින්, පසුගිය (31) දින සන්නද්ධ කණ්ඩායම් විසින් තර්ජනයට ලක්ව තිබූ Bambouti ප්‍රදේශයේ ස්ථාපිත තාවකාලික මෙහෙයුම් කඳවුරකට (TOB) අත්‍යවශ්‍ය සැපයුම් ගුවනින් ප්‍රවාහනය කර ඇත.
මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ Obo ප්‍රදේශයෙන් Bambouti ප්‍රදේශය වෙත, එහිදී AAKG ආයුධ සන්නද්ධ කණ්ඩායමෙන් දැඩි තර්ජන එල්ලව තිබූ අවස්ථාවකදීය.
හෙලිකොප්ටරය ගොඩබෑමේදී කඳවුරට සහ ගුවන් යානයට සෘජු අවදානමක් මතුවූ නමුත්, ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයින්ගේ කාර්යක්ෂම ක්‍රියාමාර්ග හේතුවෙන්, එම කඳවුර ආරක්ෂා කරමින් සිටි මධ්‍යම අප්‍රිකානු සොල්දාදුවන් 14 දෙනා ආරක්ෂිතව Obo ප්‍රදේශයට රැගෙන ඒමට හැකිවී තිබේ.
මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෘත්තීයභාවය, දක්ෂතාවය සහ ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම්වල දායකත්වය යළිත් වරක් අවධාරණය කරන සිදුවීමක් ලෙස සැලකේ.
