මෙක්සිකෝවේ දකුණුදිග පිහිටි ගෙරේරෝ (Guerrero) ප්‍රාන්තයට රික්ටර් මාපක 6.5ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.
ජාත්‍යන්තර වාර් තා අනුව, මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය ජනප්‍රිය සංචාරක නගරයක් වන අකාපුල්කෝ (Acapulco) අසල පිහිටි සැන් මාකෝස් (San Marcos) ප්‍රදේශය ආසන්නයේ සටහන් වී ඇත.
ප්‍රබලත්වය උච්ච මට්ටමේ පවතින නමුත්, මේ වනවිට මරණ හෝ බරපතළ තුවාල පිළිබඳ කිසිදු තොරතුරක් වාර් තා වී නොමැති බව බලධාරීහු සඳහන් කරති.කෙසේවෙතත්, භූමිකම්පාව හේතුවෙන් දේපළ හානි සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අදාළ රාජ්‍ය ආයතන විසින් විමර් ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර් තා වේ.
