ශ්‍රී ලංකා පොල් අපනයන ඉතිහාසයේ නව පෙරළියක් – ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය පසුකර යාමට සමත්ව තිබෙනවා.

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) නිකුත් කළ දත්ත අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,033.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 43.83%ක සුවිශේෂී වර් ධනයක් ලෙස වාර් තා වේ.

ශ්‍රී ලංකා පොල් අපනයන ඉතිහාසයේ නව පෙරළියක් – ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි

මෙම සාර්ථකත්වයේ ප්‍රධාන හේතුව ලෙස විශේෂඥයන් පෙන්වා දෙන්නේ, පොල් ගෙඩි අපනයනයට පමණක් සීමා නොවී අගය එකතු කළ (Value-added) නිෂ්පාදන වෙත අවධානය යොමු කිරීමයි.

ඒ අනුව දියර පොල් කිරි, වර්ජින් පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල් (DC), ඇක්ටිවේටඩ් කාබන් සහ කොකෝ පීට් වැනි නිෂ්පාදන සඳහා ගෝලීය වෙළඳපොළ තුළ දැඩි ඉල්ලුමක් නිර් මාණය වී ඇත.

දැනට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 7.2%ක්ම නියෝජනය කරන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදන වන අතර, එය රටේ අපනයන ව්‍යුහය තුළ පොල් ක්ෂේත්‍රයේ වැදගත්කම පැහැදිලිව පෙන්වා දෙයි.

රජය විසින් ඉදිරි දශකය සඳහා තබා ඇති ඉලක්ක අනුව, 2030 වසර වන විට පොල් ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක අපනයන ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.

ඒ සඳහා “උතුරු පොල් ත්‍රිකෝණය” ව්‍යාපෘතිය යටතේ අක්කර 36,000ක නව පොල් වගාවන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, මෙය මධ්‍යම හා දිගු කාලීන ආර්ථික වාසි ලබා දෙන වැඩපිළිවෙළක් ලෙස සැලකේ.

කෙටි කාලීනව දේශීය වෙළඳපොළේ හිඟයක් ඇති නොවීම සඳහා, ගෘහස්ථ මට්ටමේ නාස්තිය අවම කිරීම, විකල්ප ආහාර භාවිතය, සීමිත ප්‍රමාණයකින් ආනයන අවසර ලබා දීම වැනි ප්‍රතිපත්ති තීරණ රජය විසින් ගෙන ඇත.

මෙම ඉතිහාසගත ජයග්‍රහණය පොල් කර් මාන්තකරුවන්ගේ අඛණ්ඩ උත්සාහය, රජයේ ආයතන අතර සමනායකත්වය සහ දේශීය ජනතාවගේ වගකීම සහිත පරිභෝජන රටාවන් හේතුවෙන් සාර් ථක වූ බව විශේෂඥයින් පෙන්වා දෙයි.

Previous Post Next Post