පහළ වායුගෝලයේ කැළඹීමක් වර් ධනය වෙයි - දිවයිනේ පළාත් කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර් නය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව පෙන්වා දෙයි.

පහළ වායුගෝලයේ කැළඹීමක් වර්ධනය වෙයි -  දිවයිනේ පළාත් කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඉහළට

උතුරු පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද දැනුම් දී ඇත.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව අවධානයෙන් ක්‍රියා කරන ලෙසද එම දෙපාර් තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටී.

Previous Post Next Post