පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 2025 වසර තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් හරහා රුපියල් මිලියන 285කට අධික දඩ මුදලක් අය කරගෙන ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.
එම කාලය තුළ සිදුකළ වැටලීම් 21,000කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නඩු පවරා මෙම දඩ මුදල් අය කරගෙන ඇති බව ද සඳහන් වේ.
භාණ්ඩවල නියමිත ප්‍රමිතීන් සහතික කිරීමේ අරමුණින් ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන සාම්පල 223ක් පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.
එම පරීක්ෂාවට ලක් කළ නිෂ්පාදන අතර වානේ කම්බි, පොල්තෙල්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සහල්, ටින් මාළු, මිරිස් කුඩු, දියර කිරි, හිසකෙස් වර්ණක, කෝඩියල් සහ සිරප් වර්ග ඇතුළත් වන බව අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ අතර පාරිභෝගිකයන්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පවත්වාගෙන යන 1977 පාරිභෝගික පැමිණිලි සේවා අංකයට පසුගිය වසර තුළ පැමිණිලි 5,002ක් ලැබී ඇති බවද අධිකාරිය සඳහන් කරයි.
ඒ අතරින් 79%කට ආසන්න ප්‍රමාණයක් සාර්ථකව විසඳීමට හැකි වී ඇති බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
