ඉරානයේ විරෝධතා උණුසුම් වෙයි – මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළට

ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානය පුරා පවත්වන විරෝධතා මේ වනවිට තවත් උණුසුම් තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

විරෝධතා ආරම්භ වී පස්වැනි දිනය ගතවන විට පුද්ගල මරණ 7ක් වාර් තා වී ඇති බව සඳහන් වේ.

ඉරානයේ විරෝධතා උණුසුම් වෙයි – මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළට

නිරිතදිග ඉරානයේ ලෝර්ඩෙගන් නගරයේදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර් තා වේ.

ඒ සමගම බටහිර ඉරානයේ අස්නා නගරයේදී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර, කෞඩාෂ්ට් ප්‍රදේශයෙන් තවත් පුද්ගල මරණයක් වාර් තා වී ඇත.

මෙම විරෝධතා අතරතුර බොහෝ පිරිස් රටේ උත්තරීතර නායකත්වය අවසන් කරන ලෙස ඉල්ලා සිටින අතර, ඇතැම් කණ්ඩායම් රාජාණ්ඩු පාලන ක්‍රමය යළි ස්ථාපිත කරන ලෙසද ඉල්ලීම් කර ඇති බව විදෙස් වාර් තා පෙන්වා දෙයි.

Previous Post Next Post