ශ්‍රී ලංකාව තුළ මෙතම්ෆෙටමීන් හෙවත් “අයිස්” මත්ද්‍රව්‍ය භාවිතය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අනාවරණය කරයි.
මෙම වසරේ පළමු මාස 10 තුළ පමණක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ පුද්ගලයින් 60,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එම මණ්ඩලයේ පර් යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ තමර දර් ශන මහතා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර් තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය වසර කිහිපය තුළ අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යා ලේඛන අනුව මෙතම්ෆෙටමීන් භාවිතය හෙරොයින් සහ ගංජා වැනි අනෙකුත් මත්ද්‍රව්‍යවලට වඩා ඉහළ යමින් පවතින බවය.
එසේම මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින්ගෙන් සම්පූර්ණයෙන්ම 99%ක් පමණ බහුවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන බවත්, ඔවුන් අවස්ථානුකූලව මත්ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් භාවිත කරන බවත් ඔහු පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එක්වූ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්‍යක්ෂ ශාන්ත ගමගේ මහතා සඳහන් කළේ, වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ පිරිස මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් ගොදුරු වෙමින් පවතින බවය.
