බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනිය කලීඩා සියා අභාවප්‍රාප්ත වෙයි

 

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනිය කලීඩා සියා අභාවප්‍රාප්ත වෙයි

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස ඉතිහාසගත වූ හිටපු අග්‍රාමාත්‍යවරිය කලීඩා සියා අභාවප්‍රාප්ත වී ඇත.

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි. මියයන විට ඇය 80 වන වියේ පසුවුණි.

පසුගිය නොවැම්බර් මස 23 වන දින රෝහල්ගත කළ කලීඩා සියා, දෙසැම්බර් මස 11 වන දින සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන් වේ.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නායිකාව වන ඇය, බංග්ලාදේශයේ අගමැති ධූරය දැරූ පළමු කාන්තා නායකිය ලෙස දේශපාලන ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි කරගෙන තිබේ.

ඇයගේ අභාවය බංග්ලාදේශ දේශපාලන ක්ෂේත්‍රයට විශාල පාඩුවක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Previous Post Next Post