නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 02ක් අලුත්වැඩියාවට – ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක අහිමියක්

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම තත්ත්වය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් තාවකාලිකව අහිමි වී ඇති බවය.

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 02ක් අලුත්වැඩියාවට – ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක අහිමියක්


නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දැනට එක් ජනන යන්ත්‍රයක් පමණක් සක්‍රීයව ක්‍රියාත්මක වන අතර, එමඟින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කරමින් පවතී.

සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 3 වන දින එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කර ඇති අතර, දෙසැම්බර් මස 20 වන දින තවත් ජනන යන්ත්‍රයක් දෝෂයක් හේතුවෙන් අක්‍රීය කිරීමට සිදුවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.

මේ වන විට එම ජනන යන්ත්‍ර දෙකම අලුත්වැඩියා කටයුතු යටතේ පවතින අතර, ලබන ජනවාරි මස පළමු සතිය තුළ ඒවා යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.

කෙසේවෙතත් ජල විදුලි බලාගාර මඟින් විදුලි උත්පාදන කටයුතු සාර්ථකව සිදු වන බැවින්, දෛනික විදුලි සැපයුමට කිසිදු බාධාවක් නොමැති බවද ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Previous Post Next Post