ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව යළි දීර් ඝ කරයි

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන් සහ ධීවර ප්‍රජාවට සහන සැලසීමේ අරමුණින් ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර් ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව කෘෂිකර් මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව, 2025 දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ අවසන් දිනය 2026 ජනවාරි 31 දක්වා දීර් ඝ කර ඇත.

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව යළි දීර් ඝ කරයි


මෙම තීරණය අනුව ගොවි හා ධීවර විශ්‍රාම වැටුප්ලාභීන්ට, දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් 2026 ජනවාරි 31 දින දක්වා වැඩ කරන දිනයන්හිදී අදාළ තැපැල් හෝ උප තැපැල් කාර් යාල මඟින් ලබා ගැනීමට හැකියාව හිමිවේ.

දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 178,753ක් වන අතර, ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් සංඛ්‍යාව 6,312ක් බවද සඳහන් වේ.

මෙම විශ්‍රාම වැටුප් ගෙවීම් සඳහා රජය මාසිකව රුපියල් මිලියන 413කට ආසන්න මුදලක් වැය කරන බව කෘෂිකර් මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගිය දා ඇති වූ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොවි හා ධීවර විශ්‍රාම වැටුප්ලාභීන්ට තැපැල් කාර්යාල වෙත ළඟා වීමේ අපහසුතා මතුවීම සැලකිල්ලට ගනිමින්, මීට පෙර මෙම ගෙවීම් කාලසීමාව දෙසැම්බර් 31 දක්වා දීර් ඝ කර තිබුණි.

Previous Post Next Post