නාවලපිටිය, පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ ගබඩා කාමරයක බෝම්බයක් තැන්පත් කර ඇති බවට අද (29) විද්‍යුත් තැපෑලක් මගින් අනතුරු ඇඟවීමක් ලැබීමෙන් අනතුරුව එම කාර් යාල පරිශ්‍රය හදිසි පරීක්ෂාවකට ලක් කර තිබේ.
අදාළ ඊ-මේල් පණිවුඩය විදේශ රටකින් එවනු ලැබ ඇති බවත්, “කූඩාරමක් තුළ බෝම්බයක් ඇති අතර එය අද (29) පස්වරු 2.00ට පුපුරා යනු ඇත” යනුවෙන් එහි සඳහන්ව තිබූ බව වාර් තා වේ.
මෙම තත්ත්වය සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය කාර් ය මණ්ඩලය සහ පැමිණ සිටි ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
පසුව සිද්ධිය පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව නාවලපිටිය පොලීසිය, පොලිස් විශේෂ කාර් ය බළකාය, යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ පොලිස් නිල සුනඛ කොට්ඨාසය එක්ව ගබඩා කාමරය ඇතුළු කාර් යාල පරිශ්‍රය සම්පූර්ණයෙන් පරීක්ෂා කර ඇත.
එම සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව සැකකටයුතු කිසිදු ද්‍රව්‍යයක් හමුවී නොමැති බව ආරක්ෂක අංශ තහවුරු කර ඇත.
මේ අතර, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර් යාලටද අද (29) යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු විද්‍යුත් පණිවුඩයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එය ව්‍යාජ බවට අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර් යාලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
අදාළ සෝදිසි මෙහෙයුම් පැය හතරකට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක කර ඇති බවද වාර් තා වේ.
