බෝම්බ අනතුරු ඇඟවීමක් මත කටුනායකට පැමිණි කටාර් ගුවන් යානයක් දැඩි පරීක්ෂාවකට

දෝහා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඊයේ (28) පෙරවරුවේ පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයක් විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කර ඇති බව වාර් තා වේ.

බෝම්බ අනතුරු ඇඟවීමක් මත කටුනායකට පැමිණි කටාර් ගුවන් යානයක් දැඩි පරීක්ෂාවකට

ඒ, එම ගුවන් යානය තුළ බෝම්බයක් ඇති බවට විද්‍යුත් තැපෑලක් මගින් ලැබුණු අනතුරු ඇඟවීමක් හේතුවෙනි.

අදාළ ගුවන් යානයේ මගීන් 245 දෙනෙකු සහ ගුවන් යානා කාර්‍ය මණ්ඩලයේ 12 දෙනෙකු සිට ඇති අතර, ආරක්ෂක අංශ විසින් සිදුකළ සම්පූර්ණ පරීක්ෂාවේදී කිසිදු සැකකටයුතු භාණ්ඩයක් හමුවී නොමැති බව ගුවන්තොටුපොළ කාර් යභාර නිලධාරීන් සඳහන් කළා.

මෙම සිදුවීම හේතුවෙන් ගුවන්තොටුපොළ ආරක්ෂාව තාවකාලිකව තවත් දැඩි කර ඇති බවද වාර් තා වේ.

Previous Post Next Post