සේවක අර් ධසාධක අරමුදල (EPF) සම්බන්ධ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන යටතේ, ආයතන සහ EPF සාමාජිකයින් මාර් ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ නව ක්‍රියාවලිය අද (29) සිට ආරම්භ කෙරේ.
කම්කරු දෙපාර් තමේන්තුව පවසන්නේ, අද සිට EPF සේවාවන් බහුතරයක් අන්තර් ජාලය හරහා ලබාගත හැකි ලෙස මෙම නව පද්ධතිය ක්‍රියාත්මක වන බවය.
මෙම ඩිජිටල් සේවා ආරම්භය සනිටුහන් කරන සමාරම්භක උත්සවය අද පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර් තා වේ.
මෙම නව ඩිජිටල් ක්‍රමවේදය හරහා EPF සාමාජිකයින්ට සහ ආයතනවලට සේවාවන් ඉක්මනින්, පහසුවෙන් සහ විශ්වාසදායක ලෙස ලබාගැනීමට හැකි වනු ඇතැයි කම්කරු දෙපාර් තමේන්තුව වැඩිදුරටත් පවසයි.
