ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවන තද වැසි – ජනතාවට කාලගුණ අනතුරු ඇඟවීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි කාලය තුළ මිලිමීටර් 50 ඉක්මවන තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ඌව පළාත, අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ලැබෙනු ඇතැයි දෙපාර් තමේන්තුව පවසයි.

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවන තද වැසි – ජනතාවට කාලගුණ අනතුරු ඇඟවීම්

එමෙන්ම උතුරු පළාතේත් මහනුවර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්ය.

සබරගමුව පළාත, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල ද මෙම තත්ත්වය පවතින බව දන්වා ඇත.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ක පමණ වේගයෙන් තද සුළං හමන අවස්ථා ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටී.

Previous Post Next Post