මෙම වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 2,497ක වාර් තාගත ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පවසයි.
2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා රේගුවට නියම කර තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක් වූ අතර, එම ඉලක්කය නොවැම්බර් මාසය වනවිටම ඉක්මවා යාමට හැකිවූ බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව නොවැම්බර් මාසය වනවිට එම ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,231ක් දක්වා සංශෝධනය කළ බවත්, එම සංශෝධිත ඉලක්කය ද මේ වනවිට ඉක්මවා ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පෙන්වා දුන්නේ, රේගුව තුළ ක්‍රියාත්මක කළ විවිධ පරිපාලන සහ නීතිමය ක්‍රියාමාර් ග හේතුවෙන් මෙම ඉහළ ආදායම උපයා ගැනීමට හැකිවූ බවය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගිය වසරේ රේගු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,531ක් වූ අතර, 2025 වසර සඳහා එය රුපියල් බිලියන 2,115ක් ලෙස විශාල ලෙස ඉහළ දැමීමට වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ තීරණයද බලපෑ බවය.
එමෙන්ම වාහන ආනයනයෙන් ලැබුණු ආදායමට අමතරව, රේගුව තුළ ගෙන තිබූ විවිධ සංවිධානමය හා පාලන ක්‍රියාමාර් ග ද මෙම වාර් තාගත ආදායමට දැඩි ලෙස දායක වී ඇති බව ද ඔහු අවධාරණය කළේය.
