මෙවර නත්තලට සිරකරුවන්ට පොදු සමාවක් නැහැ – නිදහස් කිරීම පසුවට

මෙවර නත්තල් දිනයට සමගාමීව සිරකරුවන් නිදහස් කිරීමක් සිදු නොවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉතිහාසයේ පළමු වතාවට නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන්ට පොදු සමාවක් ලබා නොදුන් අවස්ථාවක් ලෙස මෙය සටහන් වේ.

මෙවර නත්තලට සිරකරුවන්ට පොදු සමාවක් නැහැ – නිදහස් කිරීම පසුවට


බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේ නිදහස් කළ යුතු රැඳවියන්ගේ ලැයිස්තුව විෂය භාර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බවය.


කෙසේවෙතත් සිරකරුවන් සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ඉල්ලා ඇති අතර, ඒවා ලබාදීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.


ඒ අනුව ඉදිරියේදී නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සිදු කරනු ඇති බව සඳහන්.

Previous Post Next Post