කාලගුණයෙන් රතු නිවේදනයක් – පීඩන අවපාතය ත්‍රිකුණාමලයට 80km දුරින්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද (09) රාත්‍රී 10.30 වනවිට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 80ක් පමණ නැගෙනහිරට බරව ගිනිකොණ දිශාවෙන් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතිය හෙට (10) සවස් කාලය වනවිට ත්‍රිකුණාමලය සහ යාපනය අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන් වේ.

ඒ අනුව උතුරු පළාතට හෙට දිනයේ පැයට කිලෝමීටර් 50 – 60 දක්වා වූ තද සුළං විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ අවදානමක් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.

ජනතාවගෙන් සහ ධීවර, නාවික ප්‍රජාවන්ගෙන් ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Previous Post Next Post