කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ධාවනය කඩවතින් සීමා කෙරේ

ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කිරීමට තීරණය කර ඇති බව පොලිසිය නිවේදනය කරයි.

පොලිසිය සඳහන් කළේ, බණ්ඩාර වත්ත – පුවක්පිටිය ප්‍රදේශයේ කොළඹ – නුවර මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා තැබෙන බවය.

කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ධාවනය කඩවතින් සීමා කෙරේ

මෙම මාර්ග සීමා කිරීම මාර් තු 15 වනදා දක්වා ක්‍රියාත්මක වන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

කඩවත – මීරීගම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බව පොලිසිය පැහැදිලි කරයි.

විකල්ප මාර්ගයක් ලෙස, කඩවත නගර මධ්‍යයේ ඇති ආලෝක සංඥා මංසන්ධියෙන් අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා ගමන් කළ හැකි බවද පොලිසිය ජනතාවට දැනුම් දී ඇත.

රථවාහන පදවන්නන්ගෙන් අදාළ මාර්ග සීමා පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

Previous Post Next Post