තවමත් නිල පූර්ව ප්‍රචාරක පටය පවා නිකුත් වී නොමැති අවස්ථාවක, තලපති විජේගේ දේශපාලන තේමාවෙන් යුත් නවතම චිත්‍රපටය වන ‘ජන නායගන්’ ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් අතිවිශාල ප්‍රතිචාරයක් දිනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.
චිත්‍රපටය තිරගත වීමට තව සතියක් පමණක් ඉතිරිව තිබියදී, පළමු දින ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් පමණක් ඉන්දියානු රුපියල් මිලියන 150කට ආසන්න ආදායමක් මේ වනවිට උපයාගෙන ඇති බව සඳහන් වේ.
විදේශීය ආදායම විශේෂයෙන් කැපී පෙනෙන අතර, උතුරු ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් පමණක් ඉන්දියානු රුපියල් මිලියන 110ත් 120ත් අතර ආදායමක් වාර් තා වී තිබෙනවා.
ඉන්දියාව තුළ මේ වනවිට කර් නාටක සහ කේරළ ප්‍රාන්තවල පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කර ඇති අතර, එයින් රුපියල් මිලියන 30කට ආසන්න ආදායමක් ලැබී ඇත.
තමිල්නාඩුව තුළ ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ වූ පසු මෙම ආදායම තවත් වේගයෙන් ඉහළ යනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
